ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය අචාර්ය මධුරංග ප්‍රනාන්දු උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා පොත පිළිබඳව කල විචාරය මෙහි පළවේ.
ජීවිතයේ පළමු වරට සන්නස්ගලගේ පොතක් කියවීමි (පිටු 383 කි. කීර්ති වැලිසරගේ කාල සර්ප වලටත් වඩා දිග ය). ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව, හිතන්හිටි තරමටම නරකත් නැත. එමෙන්ම මහා ලොකු හොඳකුත් නැත. ගෝර්කිගේ “අම්මා”, අයිත්මතව්ගේ “අම්මා” (මහා පුරුෂ කාන්තාවක්) තරම් තියා ටෝටෝචන්ගේ අම්මා (ටෝට්සුකෝ කුරයානගී – හරි පුදුම ඉස්කෝලේ) තරම්වත් මෙය අපුර්ව කෘතියක් නොවන බව හැබැය. එමෙන්ම සුනිල් දයානන්ද කොනාරයන්ගේ – ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා නැමැති ගීතයෙහි ඇති තරම් සෞන්ධර්යයක් මෙහි නැත. ඒත් සමස්තයක් ලෙස ගත් කල මම මේ කෘතියට කැමතිය.
උපුල් ශාන්ත සන්නස්ගල යනු දක්ෂයෙකි. එය මේ පොත හරහා මානව පිළිබිබූ වේ. මෙම පොතෙහි මා දුටු ප්‍රධානම දෙය නම් එක හුස්මට කියවීමට ඇති හැකියාවයි. මට හිතෙන ආකාරයට, බොහෝ විචාරකයින් පහරදෙනුයේ මෙම කතුවරයාට මිස ඔහුගේ නිර්මාණයට නොවේ! බොහෝ අය පවසනුයේ මෙච්චර දුප්පත් පවුල් නැත යන්නයි. නමුත් මම මීට වඩා දුක්විඳින පවුල් දැක ඇත. එබැවින් මොහු මෙම කෘතිය හරහා බොරුවට දුක් විඳි පවුලක් නිර්මාණය කළා යයි මම නොසිතමි. ඔහු එසේ කලත් අපගේ රසවින්දනයට එය බාධාවක් යයි මම නොසිතමි.
පොතේ උපරිම ලෙස දැනුණු තැන නම්, ඔහුගේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය භාවය අහෝසි කල සිදුවීමයි… එමෙන්ම ඒ හා බැඳුනු පසු පස සිදුවීම් නියම නිර්මාණශීලී ආකාරයකට ඔහු පෙළ ගස්වා ඇත. මෙම පොතේ මහා ලොකුවට සෞන්ධර්ය අඩංගු නැතත්, හොඳින් දැනුන තැන්ද නැතුවම නොවේ! පහත මා ඉදිරිපත් කර ඇත්තේ මට දැනුණු තැන් කිහිපයකි. පිටු අංකය හා පරිච්ජේද අංකය වශයෙන් ඉදිරිපත් කොට ඇත.
25 – අවසාන ජේදය, 27 – 4 වන ජේදය, 33 – 3 වන ජේදය, 37 – 2 වන ජේදය, 40 – අවසාන ජේදය, 42 – අවසාන ජේදය, 44 – 4 වන ජේදය, 45 අවසාන ජේදය, 47 – 3 වන ජේදය, 48 – 5 වන ජේදය, 49 – අවසාන ජේදය හා 50 – මුල් ජේදය, 57 – 4 වන ජේදය, 59 – 4 වන ජේදය, 76 – 4 වන ජේදය, 112 – 3 හා 4 වන ජේදය, 117 – 3 වන ජේදය, 118 – 5 වන ජේදය, 179 – පළමුවන ජේදය, 196 – අවසාන ජේදය, 254 – පළමු වන ජේදය, 308 – පළමු වන ජේදය, … හා අවසාන වශයෙන් 382 – අවසන් ජේදය සමඟ 383 පළමු හා දෙවන වන ජේද යන්ය.
මෙම පොතෙහි මා දුටු ප්‍රධානතම අඩුපාඩුව නම් ඔහු කතන්දරය තුල විශාල වශයෙන් කතන්දරයෙන් පිටතට අපගමනය වීමයි. සමහර තැන්වලදී මෙම කෘතියේ නම “අම්මා” කියා නොදමා, කමලා දාස් මෙන් “මගේ කතාව” ලෙස නම් කළා නම් වඩාත් හොඳ යයි මට සිතුනු වාර අපමණයි. එමන්ම සමහර තැන් වලදී කතුවරයා කතාවෙන් මුළුමනින්ම අපගමනය වි නැවත කතාවට එන විට අපගේ චින්තනයට විශාල බාධාවක් යැයි මට සිතුනි. තවද පොත තුල “අසූචි” කතා විශාල ගණනක් අන්තර්ගතයි, මට හිතෙන ආකාරයට හා මට වැටහෙන ආකාරයට එය අනවශ්‍ය දෙයකි. හොඳ සාහිත්‍ය කෘතියකට එය අනවශ්‍ය දෙයක් යයි මට සිතේ!
කෙසේවෙතත් ඔහු මේ බාධක බිඳගෙන මේ පැමිණ ඇති ගමනම ඔහු ලැබූ ජයග්‍රහණයකි. එමෙන්ම කතුවරයා ඔහුගේ හොඳ මෙන්ම නරකද ඉදිරිපත් කර තිබීම නිසා “මම පොරක්” යයි කියාගෙන නැතැයි කීමට මට එම සාධක හොඳටම සෑහේ! එත් ඔහු වෙනත් අයගේ ජීවිත ඉතා නරක ආකාරයට නිරුවත් කොට ඇතියි මට සිතුනි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ජීවිත ඔහු නොකළයුතු ආකාරයටම නිරුවත් කර ඇත. ඒවා 100% ක් ඇත්ත වීමට පුළුවන. එත් හැමකෙනාටම පෞද්ගලික ජීවිතයක් ඇතැයි ඔහු අවබෝධකරගෙන නැතැයි, මට සිතේ.
Review of this book by Dr Madhuranga Fernando, Senior Lecture, University of Sri Jayewardenepura.
Read more in English
https://studentlanka.com/2014/10/01/upul-shantha-sannasgalas-book-amma-review-and-book-launching/
Leave a Reply