• Skip to primary navigation
  • Skip to main content
  • Skip to primary sidebar
  • Home
  • Institutes
  • Schools
  • Arts and Entertainment
  • Shop

Student Sri Lanka Education

Courses, Classes, Jobs, O/L A/L Exams, Universities




  • Shop
  • Courses
    • Course Finder
  • Download
  • Exams
    • A/L
    • O/L
    • Grade 5
  • Universities
    • National
    • Private
    • Study Abroad
  • Careers
    • After A/L
    • After O/L
  • tuition
You are here: Home / Schools / උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව – විෂයන් විෂය නිර්දේශ සහ ගුරු අත් පොත්

උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව – විෂයන් විෂය නිර්දේශ සහ ගුරු අත් පොත්

December 18, 2013 By Hiran 1 Comment

    උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව හැදෑරීම සඳහා විෂයන් 3ක් තොරා ගත යුතුය.

    1. තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව ප්‍රධාන විෂයක් ලෙස අනිවාර්යෙන් හැදෑරිය යුතුය.
    2. ඉංජිනේරු තාක්ෂණවේදය හෝ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයන් අතුරින් එකක් තෝරා ගත යුතුය.
    2. තෙවන විෂය වශයෙන් විෂයන් 10ක් ඇතුළත් වන අතර ඉන් එක් විෂයක් තෝරා ගත යුතුය. ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ගෘහ ආර්ථික විද්‍යාව, ඉංග්‍රීසි, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, චිත්‍ර කලා, කෘෂි විද්‍යාව, ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යයනය යන විෂයන් වේ.

    විෂය අන්තර්ගතයන්

    තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව -
    ක්ෂුද්‍ර ජීව විද්‍යාව, ජීව රසායන විද්‍යාව, අමුද්‍රව්‍ය හා කර්මාන්ත, ප්ලාස්ටික ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය, සෙරමික්- වීදුරු හා නැනෝ තාක්ෂණය හැඳින්වීම, කාර්මික රසායන විද්‍යාව හා ශ්‍රී ලංකාවේ රසායනික කර්මාන්ත, මූලික ගණිත සිද්ධාන්ත පුනරීක්ෂණ, ත්‍රිකෝණමිතිය, ජ්‍යාමිතිය, මූලික කලනය, විස්තරාත්මක සංඛ්‍යානය, දෛශික හැඳින්වීම, බලය, දෘඩ වස්තුවල සමතුලිතය, ව්‍යාවර්තනය, පීඩනය, නිව්ටන්ගේ නියම, ගුරුත්වාකර්ෂණය, භ්‍රමණ චලිතය, පරිගණක මෘදුකාංග යෙදවුම්, අන්තර් ජාල/ඊ මේල්, දෘඩාංග පිළිබඳ මූලධර්ම, මූලික මෙහෙයුම් පද්ධතිය හා මෙහෙයවීම, අමුද්‍රව්‍යවල ගුණ, තරල ගුණ, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, විද්‍යුත් චුම්බකත්වය,තාපය, තරංග යන කොටස් මෙම විෂයේ අන්තර්ගතයන් වෙයි.

    ඉංජිනේරු තාක්ෂණවේදය
    ඉංජිනේරු තාක්ෂණවේදය විෂය යටතට සිවිල් ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජි‍නේරු, විදුලි ඉංජිනේරු යන විෂයන් අයත් වෙනවා. ඒ අනුව ඉංජිනේරු තාක්ෂණය, මූලික මෝටර් යාන්ත්‍ර විද්‍යාව, මූලික විදුලි තාක්ෂණය සහ නිවාස වයරින් කිරීම, මූලික ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණවේදය, මූලික නිෂ්පාදන තාක්ෂණය එකලස් කිරීමේ ශිල්ප ක්‍රම, යාන්ත්‍රික ඇඳීම, ඒකක හා මිනුම්, චලනය හා බල සම්ප්‍රේෂණ අංග, තාක්ෂණික කටයුතුවලදී සෞඛ්‍යය හා ආරක්ෂාව, විද්‍යුත් යන්ත්‍ර හා බල පද්ධති, මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා භාවිතය, ගෘහස්ත ජල සම්පාදනය හා ස්වස්ථතාව (සනීපාරක්ෂාව), තරල යන්ත්‍ර, ඉංජිනේරු සම්මත (ප්‍රමිති) බිම් මැනුම්, ඇස්තමේන්තු (නිර්මානය කිරීම හා සැකසීම), ව්‍යවසායකත්වය හා කළමනාකරණය මෙම විෂයේ අන්තර්ගතයන් වේ. .

    ජෛව පද්ධති තාක්ෂණය
    ජෛව පද්ධති තාක්ෂණය විෂය යටතේ කෘෂිකර්මය, පශු තාක්ෂණය, ආහාර තාක්ෂණය,පසු අස්වනු තාක්ෂණය යන ආදී සංචරක වේ. ජෛව පද්ධිති තාක්ෂණය හැඳින්වීම, ජල විද්‍යාව හා කාලගුණ විද්‍යාව, පාංශු ජල සම්බන්ධතා, ආහාර ආරක්ෂණය හා රෙගුලාසි, පසු අස්වනු තාක්ෂණය, ආහාර ඇසුරුම්කරණය හා ලේබල් කිරීම, ජලයේ ගුණාංග, ආහාර නිෂ්පාදනය, සත්ත්ව නිෂ්පාදන තාක්ෂණවේදය, පැළෑටි සංරක්ෂණය, ජලය පොම්ප කිරීම, බිම් මැනීම, ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා ජෛව පද්ධති සඳහා ඒවායේ භාවිතය,ව්‍යාපෘති යන කොටස් මෙම විෂය යටතේ ඉගැන්වෙනවා.

    උසස් පෙළ සඳහා තාක්ෂණික විෂය ධාරාව නවතම විස්තර සහ විෂයන් විෂය නිර්දේශ සහ ගුරු අත් පොත් බා ගත කර ගැනීම පිවිසෙන්න
    A/L Technology Stream – Subject combinations, Syllabuses and Teacher guides

    ජීවිතය ජය ගන්න උසස් පෙළට තාක්ෂණවේදය විෂය ධාරාව හදාරමු. අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවක්.
    Technology Faculty, University of Sri Jayewardenepura

    Share this:

    • Click to share on Twitter (Opens in new window)
    • Click to share on Facebook (Opens in new window)

    Comments

    comments

    No related posts.

    Filed Under: Schools, Technical Degrees Tagged With: Technical

    Reader Interactions

    Comments

    1. Sanjaya sameera says

      January 5, 2021 at 9:33 am

      CAN I HAVE A COMPLETE SYLLABUS.
      (TECHNOLOGY STREAM)

      Reply

    Leave a Reply Cancel reply

    Your email address will not be published. Required fields are marked *

    Primary Sidebar

    Search




    • Udemy Online Courses - Learn Anything, On your Shedule
    • Advertise Here

    Follow Us On

    • Facebook
    • Twitter
    • YouTube
     Student Lanka Class and Course Finder

    Recent Comments

    • W.A JANIDU VIDUSHAN on මාටින් වික්‍රමසිංහ ලියූ හොඳම නව කථා 10
    • thisu on උසස් පෙළ කළා අංශයේ විෂය තෝරා ගැනීමට උපදෙස්
    • Maxworth on බෞද්ධ පොත් නොමිලේ බා ගත කර ගන්න
    • Sanjaya sameera on උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව – විෂයන් විෂය නිර්දේශ සහ ගුරු අත් පොත්
    • javoj on උසස් පෙළ ජීව විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයට සාර්ථකව පිළිතුරු ලිවීමට මේ කරුණු සිතට ගන්න.

    Educational Books

    • A/L Biology Grade 12 MCQ 360+ Answers and Analysis -1 Jeewa Vidyawa Bahuwarana Vivarana – Prof Hiran Amarasekera
      රු 640.00
      5.00 out of 5
    • A/L Common General Test – Questions and Answers – 2020 New Format – Vidudaya Publication
      රු 400.00
      5.00 out of 5
    • 2022 A/L Biology Nucleic Acid නියුක්ලෙයික් අම්ල
      රු 350.00
      5.00 out of 5

    Recent Posts

    • සා/පෙළ 2018 ප්‍රතිඵල නිකුත් කරන දිනය කවදාද? 2019 මාර්තු මස 28
    • උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වන දිනය කුමක්ද?
    • මහාචාර්ය යෞවනය – මහාචාර්ය හිරාන් අමරසේකර සමග
    • විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය Z-score අගයන් කුසලතා සහ දිස්තික් අගයන්
    • උසස් පෙළ 2017 ප්‍රතිපල පිටවේ. ප්‍රතිපල මෙතනින්

    Featured Videos

    A/L Physics Prof S R D Rosa Guru Gedara -Highlights. Common student mistakes
    A/L Physics Prof S R D Rosa Guru Gedara -Highlights. Common student mistakes
    A/L Molecular Biology 3 – Genes and How they Work ජාන හා ඒවා ක්‍රියාකරන ආකාරය
    A/L Molecular Biology 3 – Genes and How they Work ජාන හා ඒවා ක්‍රියාකරන ආකාරය
    A/L Molecular Biology and Recombinant  DNA Technology – Lesson 1 වර්ණදේහවල ව්‍යුහ නිර්මාණය
    A/L Molecular Biology and Recombinant DNA Technology – Lesson 1 වර්ණදේහවල ව්‍යුහ නිර්මාණය

    Copyright © 2022 studentlanka.com. All Rights Reserved.

     

    Loading Comments...
     

      • English (ඉංග්‍රීසි)
      • සිංහල