• Skip to primary navigation
  • Skip to main content
  • Skip to primary sidebar
  • Home
  • Institutes
  • Schools
  • Arts and Entertainment
  • Shop

Student Sri Lanka Education

Courses, Classes, Jobs, O/L A/L Exams, Universities




  • Shop
  • Courses
    • Course Finder
  • Download
  • Exams
    • A/L
    • O/L
    • Grade 5
  • Universities
    • National
    • Private
    • Study Abroad
  • Careers
    • After A/L
    • After O/L
  • tuition
You are here: Home / උසස් පෙළ ජීව විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයට සාර්ථකව පිළිතුරු ලිවීමට මේ කරුණු සිතට ගන්න.

උසස් පෙළ ජීව විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයට සාර්ථකව පිළිතුරු ලිවීමට මේ කරුණු සිතට ගන්න.

August 1, 2012 By Hiran 2 Comments

    මහාචාර්ය හිරාන් අමරසේකර
    අ.පො.ස. උසස් පෙළ විභාගයට තව ඇත්තේ දින ගණනාවක් පමණයි. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වී ඔබ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විෂයයන් අවුරුදු 2 කට වැඩි කලක් හදාරා තිබෙනවා. දැන් ඔබ මේ බලාපොරොත්තුව සිටින්නේ මෙවර උසස් පෙළ විභාගයෙන් උසස් සාමාර්ථයක් ලබාගෙන වෛද්‍යවරයෙක් එහෙමත් නැත්නම් විද්‍යාඥයෙක් වන්නටයි.

    මේ කාලය තුළ ඔබ ඉගෙන ගත් කරුණු නිසි ලෙස ධාරණය කරගෙන ක‍්‍රමවත් අයුරින් විභාගයේ දී ඉදිරිපත් කළහොත් ඉතා ඉහළ ප‍්‍රතිඵලයක් ඔබට ළඟා කරගත හැකි වේවි. ජීව විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයට සූදානම් වන සිසු සිසුවියන් උදෙසා මෙවර ප‍්‍රශ්න පත‍්‍රයට සූදානම් වන්නේ කෙසේදැයි මග පෙන්වීමක් කරන්නටයි අපේ මේ සූදානම.

    මුලින්ම විභාගයට සූදානම් වීමට පරිශීලනය කළ යුතු සටහන්/ පොත් ගැන විමසා බලමු.

    විභාග ප‍්‍රශ්න පත‍්‍ර ලකුණු කරන්නේ ලකුණු සම්මුතිවලට අනුව බැවින් නිවැරදි විෂය කරුණු හදාරා ඒ අනුව විභාගවලට පිළිතුරු ලිවීම ඉතා වැදගත් වෙනවා. නව නිර්දේශය සඳහා ජාතික අධ්‍යාපනික ආයතනය විසින් ප‍්‍රකාශිත ගුරු මාර්ගෝපදේශක සංග‍්‍රහවල කරුණු පිළිතුරු ලිවීමට භාවිත කළ යුතුයි. මේ නිසා අනෙක් සෑම පොතකටම වඩා මෙම ගුරු අත් පොත භාවිතය වැදගත් වෙනවා.

    පසුගිය වසරේ විභාගවලදී අපේක්ෂකයන් බලාපොරොත්තු නොවූ ගුරු අත් පොතේ වූ සියුම් කරුණුවලට පවා ලකුණු ලබා දී තිබුණා. උදාහරණ ලෙස ගුරු අත් පොතෙහි තිබූ නිසා වෘක්කානුවල දී ජලය සක‍්‍රිය ලෙස අවශෝෂණය වන බවට ලකුණු දී තිබුණ අතර ඇතැම් අපේක්ෂකයන් ටුවටරා (Tuatara, Bipalium වැනි සතුන් පිළිබඳව දැන සිටියේ නැහැ.

    එමෙන්ම මෙවර නව නිර්දේශයේ විභාගයට 14 ඒකකය ව්‍යවහාරික ජීව විද්‍යාව යටතේ ප‍්‍රශ්න නොලැබෙන බවත් 2012 විභාගය සහ ඉදිරි විභාග සඳහා පසු විමසුම් තල විෂය නිර්දේශය යටතේ ප‍්‍රශ්න ලැබෙන බවත් ඔබ දන්නවා ඇති. පසු විමසුම් තල නිර්දේශය යටතේ ඔක්සින් සොයාගැනීමට තුඩු දුන් පරීක්ෂණ වැනි ඇතැම් කොටස් ඉවත් කොට ඇත. (අලූතින් කොටස් ඇතුල් කොට නැත.)

    මුලින්ම ජීව විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රය පිළිබඳව කෙටියෙන් විමසා බලමු.

    ජීව විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය ගත්තහම එය ප‍්‍රශ්න පත‍්‍ර 2කින් සමන්විත වනවා. 1 වන ප‍්‍රශ්න පත‍්‍රය බහුවරණ ප‍්‍රශ්න පත‍්‍රයයි. එහි බහුවරණ ප‍්‍රශ්න 50ක් තිබෙනවා. (පැරණි නිර්දේශය සඳහා බහුවරණ 60ක්* ඒ සඳහා ලකුණු 100ක් වෙන් කර තිබෙනවා.

    දෙවන ප‍්‍රශ්න පත‍්‍රයට රචනා හා ව්‍යුහගත ප‍්‍රශ්න අන්තර්ගත වෙනවා. එයටත් ලකුණු 100ක් ලැබෙනවා. එහි දී අනිවාර්ය ව්‍යුහගත ප‍්‍රශ්න 4කුත් රචනා ප‍්‍රශ්න 6කින් 4කුත් තෝරා ලිවීමට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා රචනා ප‍්‍රශ්න පත‍්‍රයට ලැබෙන මුළු පැය 3න් එක් පැයක් ව්‍යහුගත රචනා ප‍්‍රශ්න 4 සඳහාත් අනික් පැය 2 රචනා ප‍්‍රශ්නවලට පිළිතුරු ලිවීම සඳහාත් යොදා ගත යුතු වෙනවා.

    ඊළඟට බහුවරණ ප‍්‍රශ්න පත‍්‍රය ගැන විමසා බලමු.

    ඇත්තටම ඉහළ සාමාර්ථයක් බලාපොරොත්තුවන අපේක්ෂකයකු බහුවරණ ප‍්‍රශ්න පත‍්‍රයට වගේම රචනා ප‍්‍රශ්න පත‍්‍රයටත් ඉහළ අවධානයක් යොමු කළ යුතු වෙනවා. බහුවරණ ප‍්‍රශ්න පත‍්‍රයට ලකුණු 100ක් ද රචනා ප‍්‍රශ්න පත‍්‍රයට ලකුණු 100ක් ද ලැබෙන නිසා ් සාමාර්ථ අපේක්ෂා කරන හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම බහුවරණ 40ට වඩා නිවැරදිව ලකුණු කළ යුතුයි. මේ සඳහා බහුවරණ ප‍්‍රශ්නවලට වැඩි අවධානයකින් පිළිතුරු ලකුණු කළ යුතු වෙනවා. ඒ සඳහා විෂය නිර්දේශයේ සෑම ඒකකයක්ම හොඳින් හදාරා තිබීම අනිවාර්යයි.

    නව නිර්දේශය යටතේ පසුගිය වසර කීපය තුළ එක් එක් ඒකකය යටතේ බහුවරණ ප‍්‍රශ්න ලැබුණු සංඛ්‍යාවන් පහත වගුවේ පරිදි දක්වන්නට පිළිවන්.

    No of MCQ questions in Past Exams
    No of MCQ questions in Past Exams

    ඊළඟට දෙවැනි ප‍්‍රශ්න පත‍්‍රයට සූදානම් වීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාදැයි බලමු.

    ව්‍යුහගත හා රචනා ප‍්‍රශ්න පත‍්‍රය ගත්තහම ඒ පැය 3 ගත කිරීම හරියට සීමිත ඕවර තරගයකට මුහුණ දෙනවා වගේ වැඩක්. සීමිත කාලයක දී අසීමිත කරුණු සංඛ්‍යාවක් ලියන්න එහි දී සිදු වෙනවා. සමහර ළමයින්ගේ මිථ්‍යා විශ්වාස කීපයකුත් මෙහිදී තිබෙන බව මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. පින්තූර පාට කරන්න. යමක් වැරදුණාම ටිපෙක්ස් කරන්න (මකා දමන්න* ආදී දේවල් කරන්න ඕනෑ යැයි කියන එක. නමුත් ව්‍යුහගත රචනා ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලිවීමේදී මේවා කර කර ඉන්න වෙලාවක් නැහැ. නිරපරාදෙ කාලෙ නාස්ති කිරීමක් තමයි එහිදී සිදුවන්නේ. යමක් වැරදුණොත් එය ඉරක් ගසා කපා දැමීම කරන්න. ඒ වගේම තමයි ලස්සන රවුම් අකුරු ලිය ලිය ඉන්න වෙලාවක් නැහැ. සීමිත කාලයක් තුළ අසීමිත කරුණු සංඛ්‍යාවක් ලියන්න තිබෙන බව අමතක කරන්න එපා. අවුරුදු 2ක් අධ්‍යයනය කටයුතුවල නියැළී සිට වෛද්‍ය විද්‍යා පීඨයට යාමට බලාපොරොත්තු වනවා නම් එය හොඳින්ම සිතේ තබාගත යුතුයි. පෑනෙන්, පැන්සලෙන් (හොඳින් ලියවෙන පැන්සලකින්* ඉක්මනින් රූප ඇඳීම කළ යුතුයි.

    ව්‍යුහගත රචනා ප‍්‍රශ්න 4 පළමු පැය තුළදීම නිම කිරීම ඉතාම වැදගත්. නැතිනම් ඒ සඳහා රචනා ප‍්‍රශ්න සඳහා ගත කරන්නට තිබෙන කාලයත් වැය කරන්නට සිදුවිය හැකියි. විශේෂයෙන් පළමු වර විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට වැරදෙන ස්ථානයක් තමයි ඒ. මෑත කාලයේ ලකුණු සම්මුති විශ්ලේෂණය කළ විට වැටහී යන කරුණක් තමයි ව්‍යුහගත ප‍්‍රශ්නවලට වැඩි කරුණු ප‍්‍රමාණයක් ලිවිය යුතු වුවත්, ඇතැම් රචනා ප‍්‍රශ්නවලට අඩු කරුණු ප‍්‍රමාණයක් පමණක් අවශ්‍ය වීම. මේ අනුව මුලින් රචනා ප‍්‍රශ්න 4ට පළමු පැය 2 තුළදී (පැය 1 මිනි 50කදී පමණ* පිළිතුරු ලියා අවසන් කොට අන්තිම පැය ව්‍යුහගත ප‍්‍රශ්න පත‍්‍රයට යොමු කිරීමත් හොඳ ක‍්‍රමයක්.
    අපේක්ෂකයන් මතක තබා ගත යුතු තවත් කරුණක් තමයි ඕනෑ ම ප‍්‍රශ්නයක මුල් කොටස්වලට ලකුණු ලබා ගැනීම පහසු බව. එහි ඉදිරියට යන්නට යන්නට ලකුණු ලබාගන්න අපහසු වනවා. ඒ නිසා රචනා ප‍්‍රශ්න 4ටම ටික ටික හරි පිළිතුරු ලිවීම ඉතාම වැදගත්. එකක් දෙකක් සම්පූර්ණයෙන්ම ලියන්නට යනවාට වඩා එය නුවණැති ක‍්‍රියාවක්. ප‍්‍රශ්න 4ක් ලියනවා වෙනුවට ප‍්‍රශ්න 5ටම උත්තර ලියන එකත් එතරම් ප‍්‍රයෝජනයක් ගන්න බැරි ක‍්‍රියාවක්.

    රචනා ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න 6න් 4ක් තෝරා ගත යුතු වන අතර එහිදී ඉතා පහසුවෙන් උත්තර ලියන්න පුළුවන් ප‍්‍රශ්නවලට (උදා: කෙටි සටහන් ලිවීම* මුලින් පිළිතුරු ලියන්න. එය තමන්ගේ ආත්ම ශක්තිය විභාග ශාලාව තුළදී වැඩි දියුණු කර ගන්නටත් පිටිවහලක් වෙනවා.

    විභාගය ආසන්නයේදී තවත් සමහරු අර ප‍්‍රශ්න එයි, මේ ප‍්‍රශ්න එයි කියා පූර්ව නිගමනවලට එනවා. එලෙස කරන්නට යාමෙන් අමාරුවේ වැටෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස එලෙස පූර්ව නිගමනයකට එළඹ විභාගයට කලින් වැඩිපුරම බැලූ කොටසකින් අපහසු ප‍්‍රශ්නයක් ලැබුණොත් එයට උත්තර ලියන්නට නිතැතින්ම අපේක්ෂකයා පෙලඹෙනවා. එමෙන්ම එසේ ඉලක්ක කළ කොටසකින් එක් ප‍්‍රශ්නයක්වත් නැතිවුවහොත් ඔබ අපේක්ෂාභංගත්වයට පත්වී අනෙක් ප‍්‍රශ්නද ලියා ගැනීමට බැරි තත්ත්වයක් ඇති වී කලබල වන්නට පුළුවන.

    රචනා ප‍්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ දී ප‍්‍රශ්නයේ කියා තිබෙන දේ හරියටම අවබෝධ කරගත යුතුයි. විශේෂයෙන් නම් කරන්න, විස්තර කරන්න, සාකච්ඡුා කරන්න, දක්වන්න ආදී වශයෙන් විවිධ වැකි තිබෙනවා. ඒවායේ පොඩි පොඩි වෙනස්කම් තිබෙනවා.නම් කරන්න, ලැයිස්තු ගත කරන්න ලෙස දී ඇති විට නම් හෝ ලැයිස්තුවක් ලබා දීම ප‍්‍රමාණවත්. විස්තර කරන්න කියා තිබුණොත් ඒ පිළිබඳව විස්තරයක් ලියන්න ඕන. උදා: මිනිසාගේ කණේ ව්‍යුහය විස්තර කරන්න කියා ප‍්‍රශ්නයක් අසා ඇති විට මිනිස් කනේ රූපයක් ඇඳ නම් කර විස්තර කරන්න පිළිවන්. රූප ඇඳීමේදී ඉක්මනින් එය කරන්න. රූප සඳහා ලකුණු දී තිබෙන්නේ අඩු ප‍්‍රමාණයක්. නමුත් ව්‍යුහයක්, ජීවන චක‍්‍රයක් විස්තර කිරීමේ දී රූප මගින් එය පහසුවෙන් කළ හැකියි.

    ඒ වගේම තමයි එක එල්ලේම පිළිතුරු ලිවිය හැකි ප‍්‍රශ්නවලට මුලින් පිළිතුරු ලියන්න. ලකුණු වැඩි ප‍්‍රමාණයක් ඉක්මනින් ලබා ගන්න එය හේතුවක් වෙනවා.
    තවත් මතක් කළ යුතු කරුණක් තමයි එකම කරුණු නැවත නැවත ලියන්නේ නැතිව කරුණු රැුසක් ලියන්න කියන එක. එක් වර්ෂයක ”ජෛව තාක්ෂණයේ දී ක්ෂුද්‍ර ජීවීන් භාවිතය විස්තර කරන්න” යැයි ප‍්‍රශ්නයක් පැමිණුනා. එහිදී යෝගට් නිෂ්පාදනය, බටර්, චීස්, පාන්, කෙඳි, ඇමයිනෝ අම්ල වැනි වැඩි කරුණු සංඛ්‍යාවක් ලිවීමෙන් තමයි වැඩි ලකුණු ප‍්‍රමාණයක් ලබාගත හැකි වන්නේ. එහිදී එක් කරුණක් වැඩිපුර විස්තර කරන්නට යාම අවශ්‍ය වන්නේ නැහැ.

    විභාගය දා ප‍්‍රශ්න පත‍්‍රය මුලින්ම අතට ගත්තහම කරන්න ඕන දේ

    ඕනෑම ප‍්‍රශ්න පත‍්‍රයක් අතට ගත්තහම පළමුව එක් වරක් උඩින් කියවන්න. (Glance) බහුවරණවලට පිළිතුරු ලිවීමේදී පහසු ප‍්‍රශ්න හැකි තරම් ඉක්මනින් නිම කොට අපහසු ප‍්‍රශ්න සඳහා කාලය ඉතිරි කර ගන්න. ව්‍යුහගත ප‍්‍රශ්නවලට පිළිතුරු ලිවීමේදී ප‍්‍රශ්නය හරිහැටි කියවා පළමුව එය හරිහැටි තේරුම් ගන්න. කියවීමේ දුර්වලතාවක් තිබේ නම් ප‍්‍රශ්නයේ වැදගත් කොටස්වලට ඉරිගසන්න. අවශ්‍ය නම් දළ සටහනක් රචනා ප‍්‍රශ්නවලට පිළිතුරු ලිවීමට පෙර සකස් කරන්න. උදාහරණයක් ලෙස කාබොහයිඩ්‍රේට ආහාරයට ගත් විට ශරීරය තුළදී සිදු වන දේ විස්තර කරන්න කියා ප‍්‍රශ්නයක් දී ඇතිවිට,
    මුඛයේ දී......., මුඛ කුහරයේ දී......, ආමාශයේ දී...... ආදී වශයෙන් කෙටියෙන් සටහන් කොට ප‍්‍රශ්නයට පිළිතුරු ලියන්න පටන් ගන්න. යම්කිසි ප‍්‍රශ්නයක කොටසක් අසීරු යැයි හැෙඟ් නම් එම කොටසට ඉඩ තියා අනික් කොටස කරන්න පටන් ගන්න.

    ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලිවීමේ දී සිසුන් අතින් බහුලව සිදුවන වැරදි

    හුඟක් වෙලාවට ඉතාම පහසු කරුණු ලියන්න අමතක වෙනවා. ශ්වසනය ප‍්‍රශ්නයේදී ”පෙනහැලි 2ක් ඇත” යන්න ලියන්න සමහර අපේක්ෂකයන්ට අමතකවෙලා. සමාන වචන තිබේ නම් ඒ වචන සියල්ලම දැක්වීමත් වැදගත් වෙනවා. ලකුණු සම්මුතිවල කුමන වචනය තිබ්බත් එවිට ලකුණු ලබාගත හැකි වනවා. උදාහරණයක් ලෙස ‘භැචයරදකැචකසි ප‍්‍රාක් තලස කොළ පාටයි’ යන්නට ලකුණු දෙන්නට පිළිවන්. තවත් වසරක ‘හරිත ලව ඇත’ යන්නට ලකුණු දෙන්නට පිළිවන්. ඒ නිසා භැචයරදකැචකසි වල ප‍්‍රාක් තලස කොළ පාටයි. හරිත ලව ඇත. ස්වයංපෝෂියි, ප‍්‍රභාසංශ්ලේෂකයි ......ආදී වශයෙන් සමාන වචන සියල්ලම ලියා දැක්වීමත් වැදගත් වෙනවා. නමුත් ස්වයංපෝෂී/විෂමපෝෂී වැනි එකිනෙකට විරුද්ධ දත්ත ලියන්න එපා.

    නිතරම ගුරු මාර්ගෝපදේශක සංග‍්‍රහවල තිබෙන කරුණුම ලිවීම වැදගත් වෙනවා. ගිය වසරේ ‘ඩෙස්මසෝම සන්ධි’වලට ලකුණු ලැබුණේ නැහැ. ගුරු අත් පොතේ ඇති ”ආසක්තක සන්ධි”වලටයි ලකුණු දුන්නේ. වචන කෙටි කර දැක්වීම සුදුසු නැහැ. උදා: ්ල ඔ වෙනුවට ඇඩිනීන්, තයිමීන් ලෙස භෂ්මවල නම් ලිවිය යුතුයි.
    සමහර විට නිශ්චිත කරුණු ලියන්නටත් අතපසු වන බව පේනවා. උදා: අන්තර්පර්ශුක පේශි වෙනුවට - බාහිර අන්තර්පර්ශුක පේශි යනුවෙන් ද කාටිලේජ මුදු වෙනුවට - අසම්පූර්ණ කාටිලේජ මුදු යනුවෛන් ද සම්පූර්ණයෙන්ම ලියා දැක්විය යුතු වෙනවා. නමුත් ඒවා ගැන නැවත වැඩිදුර විස්තර කරන්නට අවශ්‍ය නැහැ.

    එසේම ප‍්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ දී ලියන කරුණු සඳහා 1, 2, 3 වශයෙන්ද ඉලක්කම් යෙදීම හෝ ෆ ලකුණු දැමීම හෝ කරන්න එපා. කරුණු ලියන විට ෙඡ්ද වශයෙන් ලිවීමයි වඩා සුදුසු.

    විභාගය ආසන්න මේ වකවානුවේ සමහර අය නිදිවරාගෙන පාඩම් කරනවා. ඇතැම් අය විභාගයට පෙර දවසේත් එලෙස පාඩම් කරනවා. මේ කාලයේදී විභාගයට පාඩම් කරන විදිහ පිළිබඳ උපදෙස්

    පාඩම් කරන විදිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. එය මේ යැයි සම්මත කර දක්වන්නට බැහැ. සමහරු ?ට පාඩම් කරනවා. සමහරු උදේට පාඩම් කරනවා. නමුත් එකදිගට නිදිවරා විභාගයට පෙර දිනයේ පාඩම් කරන එක නම් නුවණට හුරු නැහැ. පාඩම් කරන විට විභාගයට පෙර දිනයේ සම්පූර්ණ විෂය නිර්දේශයම හරහා යන පරිදි එක් වරක් සටහන් ඉක්මනින් බලාගන්න පුළුවන් නම් හොඳයි. පාඩම් කරන්න. එහිදී ඔබ පිළියෙළ කරගත් කෙටි සටහන් භාවිත කරන්න පිළිවන්. විභාගයට පෙර දිනයේ එක් එක් පුද්ගලයන් කියන දේ ගැන විශ්වාස කරන්න එපා. ඒ සඳහා අවධානය යොමු කරන්නවත් එපා. තමන් මෙතෙක් කරගෙන ආ කටයුතු සම්පූර්ණයෙන්ම අසාර්ථක වන්නට එවැනි දේ හේතු විය හැකියි. විභාගයට කෙටි මාර්ග නැති බව හොඳින් මතක තියා ගන්න. අනවශ්‍ය ලෙස තමාව පීඩනයට ලක් කර ගන්නට එපා. මෙම අමතරව ලැබුණු කාලය තුළ තමන්ට අවශ්‍ය දැනුම කිහිප වරක්ම කියවා හොඳට ධාරණය කර ගැනීම කළ යුතු වෙනවා.

    එක් ප‍්‍රශ්න පත‍්‍රයක් අවසන් වූ පසු අනෙක් අය සමග එහි හරි වැරදි බලමින් පශ්චාත් පරීක්ෂණ පවත්වන්න යන්න එපා. මන්ද ලකුණු සම්මුතිවල එන පිළිතුරු ඔබගේ සමකාලීන මිතුරන් සිතන පිළිතුරු නොවන්නට පුළුවන්. මේ නිසා ප‍්‍රශ්න පත‍්‍රයක් අවසන් වූ පසු එය පිළිබඳ අමතක කොට ඊළඟ ප‍්‍රශ්න පත‍්‍ර සඳහා හොඳින් සූදානම් වන්න.

    අවසන් වශයෙන් studentlanka.com කියවන විභාගය සඳහා පෙනී සිටින ඔබ සියලූ දෙනාම මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට හොඳින් ලියා විශිෂ්ට ප‍්‍රතිඵලයක් අත්කර ගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියා ප‍්‍රාර්ථනය කරනවා.

    Share this:

    • Click to share on Twitter (Opens in new window)
    • Click to share on Facebook (Opens in new window)

    Comments

    comments

    No related posts.

    Filed Under: Uncategorized

    Reader Interactions

    Comments

    1. javoj says

      October 28, 2020 at 10:07 pm

      this is great website to success exams
      i thankful the creator and other staff in the this website

      Reply
    2. javoj says

      October 28, 2020 at 10:06 pm

      plz send the latest details for me

      Reply

    Leave a Reply to javoj Cancel reply

    Your email address will not be published. Required fields are marked *

    Primary Sidebar

    Search




    • Udemy Online Courses - Learn Anything, On your Shedule
    • Advertise Here

    Follow Us On

    • Facebook
    • Twitter
    • YouTube
     Student Lanka Class and Course Finder

    Recent Comments

    • javoj on උසස් පෙළ ජීව විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයට සාර්ථකව පිළිතුරු ලිවීමට මේ කරුණු සිතට ගන්න.
    • javoj on උසස් පෙළ ජීව විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රයට සාර්ථකව පිළිතුරු ලිවීමට මේ කරුණු සිතට ගන්න.
    • Hiran on 2019 උසස් පෙළ සඳහා නව විෂය නිර්දේශ
    • danuka on රජයේ පාසැල්වල උසස් පෙළ පන්ති වලට අයදුම් කිරීමට උපදෙස්
    • Hiran on 2019 උසස් පෙළ සඳහා නව විෂය නිර්දේශ

    Educational Books

    • A/L Common General Test – Questions and Answers – 2020 New Format – Vidudaya Publication
      රු 400.00
      5.00 out of 5
    • 2022 A/L Biology Nucleic Acid නියුක්ලෙයික් අම්ල
      රු 350.00
      5.00 out of 5
    • 2021 A/L Biology – Gas Exchange in Plants ශාකවල වායු හුවමාරුව
      රු 350.00
      5.00 out of 5

    Recent Posts

    • සා/පෙළ 2018 ප්‍රතිඵල නිකුත් කරන දිනය කවදාද? 2019 මාර්තු මස 28
    • උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වන දිනය කුමක්ද?
    • මහාචාර්ය යෞවනය – මහාචාර්ය හිරාන් අමරසේකර සමග
    • විශ්ව විද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය Z-score අගයන් කුසලතා සහ දිස්තික් අගයන්
    • උසස් පෙළ 2017 ප්‍රතිපල පිටවේ. ප්‍රතිපල මෙතනින්

    Featured Videos

    A/L Physics Prof S R D Rosa Guru Gedara -Highlights. Common student mistakes
    A/L Physics Prof S R D Rosa Guru Gedara -Highlights. Common student mistakes
    A/L Molecular Biology 3 – Genes and How they Work ජාන හා ඒවා ක්‍රියාකරන ආකාරය
    A/L Molecular Biology 3 – Genes and How they Work ජාන හා ඒවා ක්‍රියාකරන ආකාරය
    A/L Molecular Biology and Recombinant  DNA Technology – Lesson 1 වර්ණදේහවල ව්‍යුහ නිර්මාණය
    A/L Molecular Biology and Recombinant DNA Technology – Lesson 1 වර්ණදේහවල ව්‍යුහ නිර්මාණය

    Copyright © 2021 studentlanka.com. All Rights Reserved.

    • English (ඉංග්‍රීසි)
    • සිංහල