බොහෝ දෙනෙක් AI (ChatGPT හෝ Gemini) භාවිතා කරන විට මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ නිවැරදි පිළිතුරු නොලැබීමයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ අප ලබා දෙන තොරතුරු (Context) මදි වීමයි. නමුත් විශාල විස්තර ටයිප් කිරීම කාලය වැය වන වැඩක්. මෙම ලිපියෙන් මම ඔබට කියා දෙන්නේ ටයිප් නොකර ඉතා ලේසියෙන් AI වෙතින් උපරිම ඵල ලබාගත හැකි ක්‍රම 4ක් ගැනයි.

1. ස්ක්‍රීන්ෂොට් (Screenshots) භාවිතා කිරීම

ඔබට යම් ඊමේල් එකක්, වට්සැප් පණිවිඩයක් හෝ වෙබ් අඩවියක ඇති කරුණක් ගැන වැඩිදුර දැන ගැනීමට අවශ්‍ය නම්, එය ටයිප් කරන්නේ නැතුව ස්ක්‍රීන්ෂොට් එකක් ගෙන AI එකට අප්ලෝඩ් කරන්න.

  • වාසිය: වැරදීම් අඩු වීම සහ කාලය ඉතිරි වීම.

2. ලිඛිත අදහස් ගොනුවක් ලෙස අප්ලෝඩ් කිරීම (Upload Files)

ඔබේ අදහස් සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් කොළයක හෝ නෝට් එකක ලියා එය ෆයිල් එකක් ලෙස AI එකට ලබා දෙන්න. උදාහරණයක් ලෙස, මම මගේ දේශනයක (Keynote Address) කරුණු සියල්ල එකවර ලබා දීමට මෙම ක්‍රමය භාවිතා කරමි.

3. හඬ මගින් කතා කිරීම (Voice Mode)

Gemini සහ ChatGPT හි ඇති Voice Mode එක භාවිතා කර ඔබට AI එක සමග සජීවීව කතා කළ හැකිය. ඔබ ගමන් කරන අතරතුර පවා ඔබේ අදහස් විස්තරාත්මකව AI එකට ලබා දීමට මෙය කදිම ක්‍රමයකි.

4. කථන ටයිපින් (Voice Typing)

ඔබේ ස්මාර්ට් දුරකථනයේ ඇති මයික්‍රොෆෝනය (Dictation tool) භාවිතා කර ටයිප් කිරීම වෙනුවට කතා කිරීමෙන් ප්‍රොම්ප්ට් එක සකසා ගන්න. මෙයට අමතරව ‘AI Super Whisper’ වැනි මෙවලම් ද භාවිතා කළ හැකිය.


Leave a Reply