5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල සහ පාසල් ඉල්ලුම් කිරිමේ අවම ලකුණු

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල ඊයේ රාත‍්‍රියේ මුදා හැරුණා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙබ් අඩවිය වෙත පිවිස අපේක්‍ෂකයන්ගේ විභාග අංකය ඇතුලත් කිරීමෙන් ප‍්‍රතිඵල ලබා ගත හැක.
http://wp.me/p39cSw-19t
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල අනුව දිවයිනෙන්ම මුල්තැන ගැනීමට ඇඹිලිපිටිය ප‍්‍රාථමික විද්‍යාලයේ ඩබ්ලිව්.ඒ වෙනුජ නිම්සත් සිසුවා සමත්ව සිටිනවා. මේ අතර දිවයිනේ දෙවැනි ස්ථානය හිමිකර සිටින්නේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ මාලක නෙත්මාල් සිසුවායි. ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 198ක්.
මේ අතර ලකුණු 197 බැගින් ලබා ගත් බෙම්මුල්ල පිටියේගෙදර ප‍්‍රාථමික විදුහලේ සහනි යෂෝධරා ගුණසේකර සහ මාවනැල්ල සහීරා මධ්‍ය මහා විද්‍යාලයේ නිස්වාර් ෆාතිමා යන සිසුවියන් දිවයිනෙන්ම තුන්වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
නිකුත් වු ප‍්‍රතිඵල අනුව ලකුණු 196 බැගින් ලබා සිසු සිසුවියන් පස් දෙනෙකු දිවයිනේන්ම 04 වැනි ස්ථානය හිමිකර ගෙන ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

අගුණුකොළපැලැස්ස අලූත්වැව ප‍්‍රාථමික විදුහලේ අධීෂ ආලෝක, බදුල්ල විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ දිලිනි තිසාරා, පොකුණුවිට කුළුපන කණ්ෂ්ඨ විද්‍යාලයේ නිසාර ද සිල්වා ගම්පහ යෂෝදරා දේවි පර්ෂද විදුහලේ චරිත්මි සේනල්යා සහ කොළඹ වෙස්ලි විද්‍යාලයේ රුචිර ෂෙහාන් ජයවීර සිව්වැනි ස්ථානය දිනාගත් සිසු සිසුවියන් වනවා.

කඩඉම් ලකුණු
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල් ඉල්ලුම් කිරිමේ අවම ලකුණු සීමාව ද ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර ,මහනුවර ,මාතලේ, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයෙන්

ශිෂ්‍යත්වය සමත් සිසුන්ට පාසල් ඉල්ලුම් කිරිමේ අවම ලකුණු සීමාව 163කි.

හම්බන්තොට, අනුරාධපුර, පොලොන්නරුව සහ රත්තපුර යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයෙන් ශිෂ්‍යත්වය සමත් සිසුන් සඳහා පාසල් ඉල්ලුම් කිරිමේ අවම ලකුණු සීමාව 161 ක් ලෙස දැක්වේ.

පුත්තලම, අම්පාර, ත්‍රීකුණාමලය, බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයෙන් ශිෂ්‍යත්වය සමත් සිසුන්ට පාසල් ඉල්ලුම් කිරීම සදහා අවම වශයෙන් ලකුණු 160 ක් ලබාගත යුතු බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නුවරඑළිය, මන්නාරම, වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය සිසුන්ගේ එම ලකුණු සීමාව දැක්වෙන්නේ 159 ක් ලෙස ය.

මේ අතර දෙමළ මාධ්‍ය සිසුන්ගේ කඩයිම් ලකුණු සීමාවන් ද ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, හා කෑගල්ල දිස්ත්‍රික්කවල එම ලකුණු සීමාව 159 කි.

වවුනියාව, යාපනය, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය සිසුන්ගේ කඩයිම් ලකුණු සීමාව දැක්වෙන්නේ 158 ක් ලෙස ය.

නුවරඑළිය, කිලිනොච්චි , මන්නාරම, මුලතිව්, රත්නපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව 157 ක් ලෙස දැක්වේ.

මීට අමතරව හම්බන්තොට හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු සීමාව 155 ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ප‍්‍රතිඵල සම්බන්ධයෙන් නැවත පරික්‍ෂා කර ගැනීම සඳහා අභියාචනා ඉදිරිපත් කිරීම ඔක්තෝබර් 15 වැනිදාට ප‍්‍රථම සිදුකළ යුතු බව විභාග කොමාසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා කියා සිටියා.
http://wp.me/p39cSw-19t

Comments

comments

Hiran

University Senior Lecturer at University of Sri Jayewardenepra, Sri Lanka

Share
Published by
Hiran

Recent Posts

Bachelor of Management Studies BMS Honours degree at Open University – Selection Test and Details

If you have three S passes in GCE A/L any subject - be it commerce,…

5 days ago

Japura External Degrees – 5 Affordable degrees for 3 A/L passes

Unlock Your Future: 5 Affordable External Degree Programs at the University of Sri Jayewardenepura https://youtu.be/1ecTz-E7bRo…

1 week ago

Guide to NVQ National Vocational Qualification in Sri Lanka

Many students want to do O/Ls, A/Ls, and then university degrees. These have been the…

2 weeks ago

Types of careers (Job paths) after O/L and A/L

This post guides you through the diverse career paths available after completing your Ordinary Level…

3 weeks ago

Mastering Claude AI Artifacts: AI-Powered Coding Tutorial -Build a University Rankings Dashboard

Harnessing Claude AI Artifacts to Build an Interactive Sri Lankan University Rankings Dashboard In this…

3 weeks ago

Best Universities in Sri Lanka 2024: Webometrics Ranking

In Sri Lanka, numerous state and non-state higher education institutions offer excellent education and research…

3 weeks ago