වාග් කෝෂය වර්ධනය කර ගන්නට නම් ශබ්ද කෝෂ අනිවාර්යයෙන් ම පරිශීලනය කළ යුතුයි. ශබ්ද කෝෂයක් කියන්නේ ගුරුවරයෙක් වගේ ඇසුරු කළ හැකි දෙයක්. එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ දී රැකියා ජීවිතයේ දී යම්කිසි කටයුත්තක දී උදව් කර ගත හැකි එකක් මිස මෙය පාඩම් පොතක් නම් නෙමෙයි. ශබ්ද කෝෂයක් පාවිච්චි කිරීමේ දී නිවැරැදිව භාෂාව පාවිච්චි කරන්නට පුරුදු වෙනවා. ගෞරවාන්විත ලෙස භාෂාව ඉදිරියට පවතින්නට එය හොඳ පිටිවහලක් වෙනවා. එනිසා දරුවන්ට, ගුරුවරුන්ට, ජනමාධ්‍යවේදීන්ට, සාමාන්‍ය පාඨකයා මේ කියන කොයි කාහටත් ශබ්ද කෝෂයක් පරිශීලනය කිරීම ඉතාම වැදගත්.
සිංහල ඉංගිරීසි අන්තර්ජාල ශබ්ද කෝෂ, ජංගම දුරකථන මෘදුකාංග සහ පොත් පිළබඳව දැන ගැනීමට පිවිසෙන්න.
https://studentlanka.com/?p=3959
Leave a Reply