ඉන්දියාවේ Star Play TV නාලිකාවේ ජනප්‍රිය “Diya Aur Baati Hum” මෙගා ටෙලිනාට්‍යය මේ දිනවල ශ්‍රී ලංකාවේ සිරස නාලිකාවේ ‘ස්වප්නා’ නමින් සිංහල හඬ කවා විකාශනය වේ. 1986 ජූලි 26 වැනිදා දිල්ලියේ හින්දු පවුලක උපන් දීපිකා සිං ස්වප්නා (සන්ධානා) චරිතය නිරුපනය කරයි.
https://studentlanka.com/2014/05/09/swapna-teledrama-on-sirasa-tv/
ස්වප්නා – ස්වප්නා
දුහුල් මාරුතේ වෙළී මා ගතේ
පැතුම් මෝදු වීලා සැඳෑ යාමයේ
හැඟුම් මාවතේ තුරුල් වී හදේ
මවා ගත්ත ලෝකේ හැබැහී වගේ
ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ…
දෝරේ යයි ආදරේ
ස්වප්නා – ස්වප්නා – ස්වප්නා – ස්වප්නා
ඉටි රූපේ හැඩ නෑනේ කවදාවත් ඔබ වාගේ
සුදු මූණේ පෙම් වෑහේ හැමදාමත් මගෙ වාගේ
හිත් දෙකක් ළං වෙලා කල්පයක් වගේ
රත්තරන් ආදරයේ
ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ
දෝරේ යයි ආදරේ
ස්වප්නා – ස්වප්නා – ස්වප්නා – ස්වප්නා
සඳපානේ තරු පාරේ ඇවිඳින්න යන් එක රෑනේ
නොසිතුව සේ දුක සෝකේ හිමි වූවත් සංසාරේ
ඇත්තමයි ඔබ මගේ ජීවිතේ වගේ
පාළු නෑ මේ වීදියේ
ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ
දෝරේ යයි ආදරේ
ස්වප්නා – ස්වප්නා – ස්වප්නා – ස්වප්නා
පද රචනය – සජිත් වී. චතුරංග
සංගීතය – රදීෂ් වැන්දබෝනා
ගායනය – දසුන් මධුශාන් සමඟ ශානිකා මධුමාලි
ටෙලිනාට්‍යය – ‘ස්වප්නා’
https://studentlanka.com/2014/05/09/swapna-teledrama-on-sirasa-tv/
comments
Prof. Kalinga Bandara from the Department of Physics, University of Peradeniya, has released his anticipated…
This Biology Model paper was prepared with questions obtained from students who won Gold and…
You can download A/L 2024 Model Paper by Dr Hiran Amarasekera. Parts of this paper…
NDT - Your pathway to engineering at ITUM Diyagama Are you interested in pursuing a…
The Commissioner General of Examinations, Mr. Amith Jayasundara, has confirmed that the 2024 GCE Advanced…