උසස් පෙළ විභාගයෙන් පසුව පිවිසිය හැකි උසස් අධ්යාපන අවස්ථා සහ වෘත්තීයමය අවස්ථා

උසස් පෙළ විභාගයෙන් පසුව පිවිසිය හැකි උසස් අධ්යාතපන අවස්ථා සහ වෘත්තීයමය අවස්ථා පිළිබඳ ශිෂ්යත ප්ර ජාව දැනුවත් කිරීමේ සම්මන්ත්රගණයක් “ උසස් පෙළින් පසු ” නමින්, සැප්තැම්බර් මස 04 වන දින, ප.ව. 3.00 ට ,කොළඹ මහවැලි කේන්ද්ර්යේ ශ්රපවණාගාරයේදී පැවැත්විණ. 2013 වර්ෂයේ, අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්යො ශිෂ්යාදවන් ඉලක්ක කර ගනිමින් පැවති මෙම සම්මන්ත්රණණය, රටෙහි ශ්ර ම බලකාය තුළ වත්මන් තරුණ ප්රරජාවේ කාර්යභාරය අවබෝධ කර දීමේ අරමුණින්, ශ්රීර ලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමයේ අනුශාසකතුමා වන, ශ්රීල ජයවර්ධනපුර විශ්වවිද්යාුලයේ, වන හා පාරිසරික විද්යාජ අධ්යගයන අංශයේ, මහාචාර්ය හිරාන් අමරසේකර මහතාගේ ප්රරධානත්වයෙන් පැවැත්විණ.

ශ්රී‍ ලංකා තරුණ ජීවවේදීන්ගේ සංගමය, www.studentlanka.com වෙබ් අඩවිය සමග එක්ව සංවිධානය කරනු ලැබූ මෙම සම්මන්ත්රාණයේදී, ශ්රී, ජයවර්ධනපුර විශ්වවිද්යායලයේ, වන හා පාරිසරික විද්යාම අධ්යපයන අංශයේ, මහාචාර්ය හිරාන් අමරසේකර මහතා, මැක්ලරන්ස් ආයතනයේ ගණකාධිකාරී, කළණ තෙන්නකෝන් මහතා, SLIIT හා HND ආයතන වෙනුවෙන්, ප්රණමෝද් පියතිස්ස මහතා, ශ්රීක ලංකා තරුණ ජීවවේදීන් ගේ සංගමයේ ලේකම්, දිස්නා මහගමගේ මෙනවිය, සහ ශ්රීණ ලංකා තරුණ ජීවවේදීන් ගේ සංගමයේ, අන්තර්ජාතික සම්බන්ධතා අධ්ය ක්ෂ, පාලින්ද පෙරේරා මහතා යන මහත්ම මහත්මීහු දේශන පැවැත්වූහ.
මෙහිදී, ආරම්භක දේශනය පවත්වමින්, මහාචාර්ය හිරාන් අමරසේකර මහතා, උසස් පෙළින් පසුව තරුණ ප්ර ජාවට පිවිසිය හැකි උසස් අධ්යානපන අවස්ථා, මෘදු කුසලතා, වෘත්තීයමය අධ්යා්පනය, විදේශ අධ්යාගපනය, ආදී විවිධ ක්ෂේත්රජ 12 ක් ඔස්සේ කරුණු පළ කළේය.

එහිදී ප්රේධාන වශයෙන්ම, ශ්රීස ලංකාව තුළ ක්රි යාත්මක වන නිදහස් අධ්යාවපන ක්ර‍මය තුළ, නැවත දෙවැනි, තුන්වැනි වරටත් අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ වැදගත්කම මෙන්ම, ශ්රී‍ ලංකාවේ රාජ්ය විශ්වවිද්යාදලයක ප්ර්ථම උපාධි පාඨමාලාවකට ඇතුලත් වීම සඳහා වරම් ලැබීමේ වැදගත්කම අවධාරණය කළ එතුමා, වෘත්තීය අධ්යා්පනය හා උසස් අධ්යාාපනයට ප්රමවේශ වීමක් ලෙස, ඉංග්රීඑසි භාෂාව, තොරතුරු තාක්ෂණ කුසලතා, ආදී මෘදු කුසලතා තමන් තුළ වර්ධනය කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම, වත්මන් තරුණ පරපුර, නූතන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මහිමය, සහජයෙන් උරුම කරගත් පරපුරක් ලෙස (Generation Y), සිය අමතර කාලය ප්රතයෝජනවත් පරිදි යොදාගනිමින්, “මාර්ගගත උපාධි පාඨමාලා” (online degrees) හැදෑරීමට සපයා ඇති ඉඩ ප්රයස්තාවන් පිළිබඳව, මහාචාර්ය හිරාන් අමරසේකර මහතා පෙන්වා දුන්නේය.

සිය නිර්මාණශීලීත්වය, දැනුම හා කුසලතා අනුව, තෝරාගත හැකි විවිධ ක්ෂේත්රබ රැසක් ඇති බව පෙන්වා දුන් ඒ මහතා, බැංකුකරණය, ව්යා පාර කළමණාකරණය, ජන සන්නිවේදනය හා මාධ්යයකරණය, ඉංජිනේරු විද්යානව, ජෛවීය විද්යාරව, ඖෂධ විද්යායව, ගෘහ නිර්මාණ ශිල්පය, පරිගණක විද්යා ව, ආදී බොහෝ ක්ෂේත්ර‍ වල පවතින උසස් අධ්යා්පන හා වෘත්තීය අධ්යාාපන අවස්ථා ද, ඒවා සපුරාගත හැකි ආයතන පිළිබඳවද, ශිෂ්යර ප්ර ජාව දැනුවත් කළේය.
මෙම සම්මන්ත්රාණයේදී, කළණ තෙන්නකෝන් මහතා විසින්, උසස් පෙළ විභාගයෙන් අනතුරුව, විවිධ වෘත්තීන් සඳහා අයදුම් කිරීමේදී සහ, කිසියම් වෘත්තියක් සඳහා, සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ද , ඒ සඳහා සූදානම් විය යුතු ආකාරය ද පැහැදිලි කරමින් සිය දේශනය මෙහෙයවීය.
එහිදී, යම් වෘත්තියක් සඳහා, අයදුම් පත්ර යක් හෝ ජීව දත්ත සටහනක් යොමු කිරීමේදි අවධානය යොමු කළ යුතු කරුණු, සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමේදී සැලකිලිමත් විය යුතු කරුණු, සම්මුඛ පරීක්ෂණයකදී කළ යුතු හා නොකළ යුතු දෑ, , සම්මුඛ පරීක්ෂණයකදී අසනු ලබන ප්රයශ්න වලට පිළිතුරු සැපයිය යුතු ආකාරය, ආදී කරුණු පහදා දෙනු ලැබීය.

තරගකාරීත්වය සහ නිර්මාණශීලීත්වය තුළ, තමාට හිමි නිසි ඇගයීම හිමිවන පරිදි, සිය පෞරුෂත්වය සංවර්ධනය කරගත යුත්තේ කෙසේද යන්න පහදා දීම, එම දේශනයේ මූලික අරමුණ විය.

වර්තමානයේදී දැඩි ඉල්ලුමක් මෙන්ම, දැඩි තරගකාරී ස්වභාවයක් පවතින ක්ෂේත්ර යක් ලෙස, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හඳුන්වා දිය හැකිය. දිනෙන් දින සීමා නිම් වළලු පුළුල් වන මෙම ක්ෂේත්ර ය තුළ, ශ්රීු ලංකාව, ඊට හිමි ස්ථානය, තවමත් සොයමින් සිටී.
එවන් පසුබිමක, ශ්රීත ලංකාවේ තරුණ පරපුර හට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රවයේ පිවිසිය හැකි මංමාවත් මොනවාද යන්නත්, එහිදී ජයගැනීමට සිදුවන අභියෝග මොනවාද යන්නත්, අනාගතයට ආයෝජනයක් ලෙස, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයයේ අධ්යායපන හා වෘත්තීය අවස්ථාවන් තෝරා ගැනීම සුදුසු වන්නේ කුමක් නිසාද යන්නත්, පිළිබඳව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තීය අධ්යාීපනයේ ප්ර මුඛතම ආයතන 2 ක් වන, SLIT හා HND ආයතන වෙනුවෙන් සිය දේශන පැවැත්වූ, ප්රයමෝද් පියතිස්ස මහතා කරුණු පැහැදිලි කළේය.

එහිදී, SLIT හා HND ආයතන වල පවතින පාඨමාලා, ඒවාට ඇතුළත් විය යුතු ආකාරය, ඉන් සපුරා ගත හැකි වෘත්තීය සුදුසුකම් හා එම සුදුසුකම් සඳහා ජාත්‍යන්තරයේ පවතින පිළිගැනීම කවරාකාර ද යන්න පිළිබඳව පැමිණ සිටියවුන් දැනුවත් කළ ඒ මහතා, එම පාඨමාලා හැදෑරීමේදී, මුහුණ දිය යුතු අභියෝග හා දුෂ්කරතා සහ ඒවා සාර්ථකව ජය ගන්නා ආකාරයත්, SLIT හා HND ආයතන මගින් වෘත්තීය අධ්යාුපනය සඳහා සපයනු ලබන පහසුකම් පිළිබඳවත් සිය දේශනයේදී කරුණු පැහැදිලි කළේය.

විශ්වවිද්යාාල ප්රලතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය හිමි, රාජ්යා උසස් අධ්යා පන ආයතනයක් වන, ශ්රීS ලංකා ව්වෘත විශ්වවිද්යාාලය තුළ පවතින උසස් අධ්යාොපන අවස්ථා පිළිබඳව දේශනයක යෙදෙමින් දිස්නා මහගමගේ මෙනවිය විසින් ප්රවකාශ කර සිටියේ, ශ්රීා ලංකා ව්වෘත විශ්වවිද්යාකලය, වෘත්තීයමය හා උසස් අධ්යාතපන සුදුසුකම් සපුරා ගැනීමෙහි ලා, පිවිසිය හැකි ප්රශමුඛතම ආයතනයක් බවයි.
එහිදී, විවෘත විශ්වවිද්යාමලය තුළ, සිය අත්දැකීම් ද පාදක කරගනිමින්, එහිදී ලැබිය හැකි අධ්යාාපන වරප්රුසාද, පොදු පිළිගැනීම, අධ්යාමපන ක්‍රමවේදය, දේශන පවත්වන ආකාරය, හා දේශන වලට සහභාගී විය යුතු ආකාරය, විශ්වවිද්යානලය විසින් සපයන, පරිගණක විද්යාමගාර, පුස්තකාල, විද්යා ගාර, ආදී භෞතික සම්පත් හි නිසි භාවිතාව, ඇතුළු මූලික කරුණු පිළිබඳව සිය දේශනයේදී පැහැදිලි කළාය.

තවද, විවෘත විශ්වවිද්යාපලය තුළ, ආචාර්ය මණ්ඩලය හා අධ්යාරපනය ලබන ශිෂ්ය ශිෂ්යාආවන් අතර අන්තර් සම්බන්ධතාව ගොඩනගා ගැනීම, පැවරුම් හා ව්යාවපෘති සඳහා යොමු වීම, විවිධ පාඨමාලා ක්රිශයාත්මක වන කාල සීමාව, සාර්ථකව පාඨමාලා නිම කිරීම සඳහා සපුරා ගත යුතු අවශ්යෘතා සහ, දැනුම පරීක්ෂා කිරීමේ විභාග සහ ප්රානයෝගික ක්රිථයාකාරකම් පිළිබඳව ද, ඇය මෙහිදී කරුණු පැහැදිලි කළාය.
වර්තමානයෙහි උසස් පෙළ නිමවීමෙන් අනතුරුව, උසස් අධ්යාහපනය හෝ වෘත්තිය අවස්ථා සඳහා සිසුන් විදේශ ගත වීමට වැඩි කැමැත්තක් දක්වයි. සංවර්ධිත රටවල පවතින, උසස් ජීවන තත්වය, වෘත්තීයමය විවිධත්වය, පුළුල් අධ්යාමපන අවස්ථා, සහ පුළුල් ව ව්යාතප්ත වී පවතින රැකියා වෙළඳපොළ, මීට හේතු ලෙස දැක්විය හැකිය.

එනමුත් ඒ පිළිබඳව නිසි අවබෝධයකින් හා මනා සැලැස්මකින් තොරව විදේශ වෙත සංක්රයමණය වන්නන්, ඇතැම් විට විවිධ දුෂ්කරතාවන්ට හා අපහසුතාවන්ට මුහුණ දෙන ආකාරය දැකිය හැකිය.

මේ පිළිබඳව ශිෂ්යද ප්රහජාව දැනුවත් කරමින්, සම්මන්ත්රමණයේ අවසන් දේශනය මෙහෙයවූ, පාලින්ද පෙරේරා මහතා ප්රඳකාශ කර සිටියේ, ශ්රීක ලංකාව තුළ සිට, විදේශ විශ්වවිද්යාමලයක පාඨමාලාවක් හැදෑරීමට වඩා, විදේශ රාජ්යනකට සංක්රපමණය වී, එහි විශ්වවිද්යාුලයක අධ්යාලපනය ලැබීම, එකිනෙකට වෙනස් අත්දැකීම් ද්විත්වයක් වන බවයි.

මේ සඳහා පවතින මූලිකම අභියෝගය ලෙස, අවශ්ය් ආර්ථික පසුබිම සකසා ගැනීම සැලකිය හැකි වුවද, මෙවැනි අභියෝග ජය ගැනීම සඳහා, විධිමත් අධ්යා පනයෙන් පරිබාහිරව, විෂය සමගාමී ක්රිමයාකාරකම් වල නියැලීමෙන් ලබා ගන්නා අත්දැකීම් ප්රනයෝජනවත් වන බව, මෙහිදී ඒ මහතා අවධාරණය කළේය.
මූලිකවම, විදේශයකට සංක්රෝමණය වීමෙන් අනතුරුව, එම රටෙහි සමාජ, දේශපාලනික, හා සංස්කෘතික රටාවන් මැනවින් අවබෝධ කරගෙන කටයුතු කළ යුතු බව පැවසූ පාලින්ද පෙරේරා මහතා, තවදුරටත් ප්ර,කාශ කර සිටියේ, තමා තම මව්බිමෙහි සමාජ, සංස්කෘතික නියෝජනයක් ලෙස, තමා සතු අනන්යටතාවය සුරක්ෂිත කරගන්නේ නම්, විදේශයක අධ්යා්පනය ලැබීම, අගනා අත්දැකීමක් වනු ඇති බවයි.

මෙම සම්මන්ත්ර ණයේ අරමුණු පැහැදිලි කරමින් මහාචාර්ය හිරාන් අමරසේකර මහතා ප්රරකාශ කර සිටියේ, වර්තමානයේ, උසස් පෙළ විභාගයට මුහුණ දීමෙන් අනතුරුව, තමන්ගේ ඉදිරි අනාගත ජීවන වෘත්තීන් තෝරාගැනීම පිළිබඳව ප්රිමාණවත් දැනුමක්, වත්මන් තරැණ පරපුර සතුව නොමැති බවත්, ඒ සඳහා නිසි මාර්ගෝපදේශනය සපයන වැඩසටහන් ක්රි යාත්මක වීම අවම මට්ටමක පවතින බවත් ය. මෙම සම්මන්ත්ර්ණය මගින් එම අඩුපාඩුව, යම් තරමකට හෝ සපුරනු ඇති බව එතුමා තවදුරටත් ප්රටකාශ කර සිටියේය.

Comments

comments

Hiran

University Senior Lecturer at University of Sri Jayewardenepra, Sri Lanka

Share
Published by
Hiran

Recent Posts

Grade 5 Scholarship Exam date – 15 September 2024

grade 5 scholarship exam 2024 The Department of Examinations has officially announced that the Grade…

2 weeks ago

Bachelor of Software Engineering BSE Hons degree at the Open University – 2024 Intake

BSE software engineering Hons degree- Open University - Foe less than Rs 400,000 If you…

2 weeks ago

Bachelor of Management Studies BMS Honours degree at Open University – Selection Test and Details

If you have three S passes in GCE A/L any subject - be it commerce,…

1 month ago

Japura External Degrees – 5 Affordable degrees for 3 A/L passes

Unlock Your Future: 5 Affordable External Degree Programs at the University of Sri Jayewardenepura https://youtu.be/1ecTz-E7bRo…

1 month ago

Guide to NVQ National Vocational Qualification in Sri Lanka

Many students want to do O/Ls, A/Ls, and then university degrees. These have been the…

2 months ago

Types of careers (Job paths) after O/L and A/L

This post guides you through the diverse career paths available after completing your Ordinary Level…

2 months ago