ඉතා ජනප්‍රිය වූ අභීත දියණියට පසුව ජාතික රුපවාහිනිය ජුලි 10 දා සිට මායාවරුන්ගේ ලෝකය ටෙලි නාට්‍යය සතියේ දිනවල පස්‌වරු 6.30 සිට 7.30 දක්‌වා ඉදිරිපත් කරයි. චීනයේ සී. සී. ටී. වී. ආයතනයේ නිෂ්පාදනයක් වන “හෝලි පර්ල්” වැඩසටහන් පෙළ සිංහල දෙබසින් රස කර ජාතික රූපවාහිනියෙන් මෙම “මායාවරුන්ගේ ලෝකය” ඔබ වෙත ගෙන එයි. ප්‍රවීණ හඬ රංගවේදීන් සියයකට වැඩි ගණනකගේ හඬින් හැඩ ගැන්වී අතුල රන්සිරිලාල්ගේ ගීත රචනය, හඬ කැවීම් මෙහෙයුමින් හා උපදෙසින් ජාතික රූපවාහිනී නාලිකාවෙන් මායාවරුන්ගේ ලෝකය වීකාශය කරයි. කරුණාරත්න අමරසිංහ, සේනානායක වර්ණතුංග, නිලීකා මද්දුම, ලක්‌මාලි වෙලගෙදර, ඩිෂාන් ෂාමින්ද, රන්මිණි කැටගොඩ සහ තිලාන් වර්ණජිත්, ඉරේෂා ලක්‌මාලි ආදි ශිල්පීන්ගේ දායකත්වයෙන් “මායාවරුන්ගේ ලෝකය” හඬ ගැන්වී ඇත. චීනයේ ජනප්‍රවාදයක් මත පදනම් වූ මෙම කතා පෙළ 2011 වසරේ නිෂ්පාදනයකි. රුමිකො තකහෂි නම් රචකයා විසින් රචිත මෙහි අධ්‍යක්‌ෂණය සැයි ජිං ෂං විසිනි.
මෙම කතා මාලාවේ රූගත කිරීම් සිදු කර ඇත්තේ චීනයේ සුචොව්, හංතියෑන් වැනි පළාත්වලයි.
තින් යාඕ සරසවි සිසුවියක වන අතර, ඇගේ පියා පුරාවිද්‍යා මහාචාර්යවරයෙකි. ඓතිහාසික භාණ්‌ඩ එකතු කරන තින් යාඕගේ පියාගේ මිතුරෙක් ඔහුට පළඳනාවක් තිළිණ කරන අතර, එය පැළඳ සිටින්නාට ඉන් ආරක්‌ෂාව ලැබෙන බැවින් ඔහු එය තම දියණියගේ ආරක්‌ෂාව සඳහා එය ඇයට තිළිණ කරයි. ඔහු නන් යුඒ අධිරාජ්‍යය පිළිබඳ කැණීම් හා ගවේෂණ සිදු කරයි. එහිදී ඔහුට ලැබෙන “නව ග්‍රහ චක්‍රය” පිළිබඳ වැඩිමනත් තොරතුරු සෙවීමට තම දියණියට පවරයි. නන් යුඒ අධිරාජ්‍යයේ පෞරාණික වස්‌තුවක් වන මෙම “නව ග්‍රහ චක්‍රය” තින් යාඕ සතු පළඳනාව සමග ප්‍රතික්‍රියා දැක්‌වූ නිසා ඇයව වසර 3,500 ක් අතීතයකට ඇදී යයි. ප්‍රකෘති සිහිය ලැබෙන විට ඇය සිටින්නේ නන් යුඒ අධිරාජ්‍යයේ සොහොන් ගැබකයි. අනතුරුව තහනම් කලාපයකට ඇතුළුවීමේ වරදට ඇගේ හිස ගසා දැමීමට තීරණය කරන්නේ නන් යුඒ අධිරාජ්‍යයේ අග රැජිණ වන ෙµdන්ටිෙµක්‌ස් මෝයින් විසිනි. එතනදී රුංතී රජු ඇයව බේරා ගන්නේ ඇය තම මිය ගිය බිසව වන ෂියෑංයුඒ බව සිතමිනි.
ෙµdන්ටිෙµක්‌ස් මෝයින් සහ ෂියෑංයුඒ යනු සොයුරියන් වන අතර හුවා දෙවඟන විසින් සමාජයේ යහපත උදෙසා කටයුතු කිරීමට ඔවුනට බලය ලබාදෙන ලදී.
රූප සහ විස්තර සඳහා යොමුවන්න http://wp.me/p39cSw-Ql
comments
Choose the Right Tool for the Right Task Best AI tools 2025 studentlanka.com Today many…
Are you tired of your AI-generated assignments, emails, or reports sounding like a robot? Humanise…
A cinematic wide shot of a winding mountain road in Sri Lanka's central highlands, surrounded…
Tired of those "boring subjects" dragging down your GPA? Here's the game-changer every university student…
Haven't Been Selected to a Government University? Here's Your Second Chance! If you haven't been…
by Prpf Hiran Amarasekera. Future-Ready AI Skills Hub | Published on StudentLanka.com AI Readiness Ladder-…