උසස් පෙළ සඳහා තාක්ෂණික විෂය ධාරාව

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා සිසුන් මෙතෙක් පෙනී සිටි විද්‍යා, වාණීජ හා කලා විෂය ධාරාවන්ට අමතරව තාක්ෂණික විෂය ධාරාවක් විෂය මාලාවට එක් කිරිමට රජය තීරණය කර තිබේ. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

උසස් පෙළ සඳහා තාක්ෂණික විෂය ධාරාව නවතම විස්තර සඳහා පිවිසෙන්න https://studentlanka.com/2013/12/18/al-technology-stream-subject-combinations-syllabuses-and-teacher-guides/

මේ නව විෂය ධාරාව මේ වසරේ මැයි මස හදුන්වා දීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මේ විෂය ධාරාවට ඉංජිනේරු පාඨමාලා ගණනනාවක් ඇතුළත් බව කී ඇමතිවරයා මෝටර් රථ, සිවිල්, ඉලෙක්ට්‍රොනික් ඇතුළු පාඨමාලා රැසක් උසස් පෙළ සඳහා හදුන්වා දී ඇති බව කීය.

මේ පාඨමාලා සඳහා විෂය අදාළ පෙළ පෙත් සකස් කරමින් පවතින බවද ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

2015 වසරේදී තාක්ෂණික විෂය ධාරාවට අනුව උසස් පෙළ සඳහා ඉදිරිපත් වූ සිසුන්ට විශ්වවිද්‍යාල ඉඩකඩ ලබා දීමට සියලු කටයුතු සුදානම් කර ඇති බවද අධ්‍යාපන ඇමැතිවරයා අවධාරණය කළේය.

මේ පාඨමාලා අවසානයේ උපාධි දක්වා ඉගෙනීම ලැබීමට සිසුන්ට හැකියාව ලැබෙන අතර ඒ සඳහා වෘත්තිය විශ්වවිද්‍යාල 25ක් දිවයින පුරා ආරම්භ කිරිමට නියමිත බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

ඇමැතිවරුන් මේ අදහස් පළ කළේ ඊයේ (2013/02/11) ඉතිහාසයේ පළමු වරට ආරම්භ කළ පළමු පාසල් පුහුණු වෘත්තිය ඒකකය කොළඹ ආනන්ද විදුහල් පරිශ්‍රයේ ආරම්භ කිරිමේ අවස්ථාවට එක් වෙමිණී.

විස්තර සඳහා යොමුවන්න
http://wp.me/p39cSw-OK

Comments

comments

Hiran

University Senior Lecturer at University of Sri Jayewardenepra, Sri Lanka

Share
Published by
Hiran

Recent Posts

The Future of Work: Why Skills Trump Degrees in Today’s Job Market

The-shift-from-traditional-degrees-to-skills-based-hiring-in-the-modern-job-market. In a rapidly evolving global economy, the traditional path to career success is undergoing…

3 weeks ago

Bachelor of Social Work Honours Degree from NISD: Free Degree Opportunity! 🎓

NISD Degree Convocation Are you feeling stuck because: Private university fees are way out of…

3 months ago

ABSOL-X: Sri Lanka’s Breakthrough in AI Image Generation

absol-x Sri Lankan gen-AI image creation In the rapidly evolving landscape of artificial intelligence, a…

3 months ago

Apply for University of Vocational Technology  (UoVT / UNIVOTEC) 2025

Apply for University of Vocational Technology  (UoVT / UNIVOTEC) 2025 The University of Vocational Technology…

3 months ago

AI and the Future Jobs: A Guide for Students! Thrive in 2025 and beyond

Are you worried about AI taking away jobs? Wondering how to prepare for your future…

4 months ago

 Best AI Tools of 2024 – 8 Game-Changing Applications for Work & Creativity

In this comprehensive guide, we're diving deep into the most powerful AI tools that are…

4 months ago