කොළඹ විශ්වවිද්‍යාලයීය දේශීය වෛද්‍ය විද්‍යායතනය
ලංකාවේ ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක‍්‍රමයේ ඉතිහාසය දෙස බැලීමේදී මුලින්ම පෙනී යන කරුණක් නම් ආයුර්වේදය යනු ශ‍්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලද වෛද්‍ය ක‍්‍රමයක් බවයි. පැරණි භාරතයේ ප‍්‍රධාන වේද සතරින් අථර්වන් වේදයේ උප වේදයක් ලෙස ආයුර්වේදය එහි සඳහන් වේ. ශ‍්‍රී ලංකාවටම ආවේණික වු දේශීය වෛද්‍ය ක‍්‍රමයක්ද මේ වන විට පැවති අතර පසු කාලීනව මෙම වෛද්‍ය ක‍්‍රම දෙකම එකතු වී අද දක්නට ඇති ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය සකස් වී ඇත. අරිෂ්ටල ආසවල ලේහල ඝෘත වැනි දේ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ ඖෂධීය රටාව වන අතර අනුපානල පත්තුල තැම්බුම්ල මැල්ලූම් ආදිය දේශිය ක‍්‍රමයේ ඖෂධීය රටාවට අයත් වේ. මෙම ක‍්‍රම දෙකටම ප‍්‍රතිකාර කරන පාරම්පරික වෛද්‍යවරු සහ එක් ක‍්‍රමයකට පමණක් ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුද ලංකාවේ සිටිති. වර්ෂ 1929 දී එවකට ආණ්ඩුකාරවරයාව සිටි හර්බට් ස්ටැන්ලි විසින් කොළඹ කෝට්ටේ පාරේ පිහිටි ”ද බවර්” නමැති ගොඩනැගිල්ලෙහි ලංකාණ්ඩුවේ ස්වදේශීය වෛද්‍ය විද්‍යාලය (අද කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයල රාජගිරිය* ආරම්භ කරන ලද අතර එහි අරමුණ වුයේ මෙම සියලූ වෛද්‍ය ක‍්‍රම සංවිධානාත්මක ලෙස එක් රැුස් කොට වඩාත් ගුණාත්මක සේවයක් රෝගීන්ට ලබා දිය හැකි වෛද්‍යවරුන් බිහි කිරීමයි.
අංග සම්පූර්ණ දියුණු දේශීය වෛද්‍ය විද්‍යාලයක් ලෙසට හැඳින්විය හැකි මේ විද්‍යායතනයේ ආයුර්වේද හා ශල්‍යවේදී (BAMS), යුනානි ශල්‍යවේදී (BAMS) යන උපාධි පාඨමාලා පැවැත්වේ. මෙයට අමතරව පශ්චාත් උපාධි පාඨමාලා ආයුර්වේද දර්ශනපති පාඨමාලා ද මේ වන විටත් ක්‍රියාත්මක ය.
දේශීය වෛද්‍ය විද්‍යායතනයේ පටමලා පිළිබඳව දැන ගැනිමට පිවිසෙන්න.
comments
How to prepare Job interview with ChatGPT AI Preparing for a job interview can be…
As students prepare for their higher education journey, understanding the potential career prospects of various…
The University Grants Commission (UGC) of Sri Lanka has released its proposed intake numbers for…
Use of context in prompt engineering writing essay using Claude AI As university students embracing…
Navigating the Tech Storm: A Sri Lankan Student's Guide to Thriving IT Careers As a…
MBBS medical faculties in Sri Lanka In Sri Lanka, pursuing a career in medicine is…