පාසැල් විද්‍යා දිනයක් සංවිධානය කිරීම සදහා උපදෙස් කිහිපයක්

බොහෝ පාසැල් විද්‍යා දින සදහා දේශපාලනඥයකු වෙනුවට පාස‍‍ලේ විද්‍යාව උගන්වන ගුරු මණ්ඩලයේ ද අනුදැනුම මත විශ්වවිද්‍යාල ආචාර්යවරයකු හෝ වෙනත් විද්වතකු ප්‍රධාන ආරාධිතයා ලෙස කැදවීම ප්‍රශංසා කළ යුතුය. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය විද්‍යා සන්නිවේදකයන් වන ආචාර්ය ජයන්ත වත්තෙවිදාන, මහාචාර්ය කාලෝ පොන්සේකා, මහාචාර්ය නලින් ද සිල්වා, මහාචාර්ය සුදන්ත ලියනගේ, මහාචාර්ය හිරාන් අමරසේකෙර, මහාචාර්ය හේමන්ති රණසිංහ, මහාචාර්ය සරත් කොටගම, ආචාර්ය චන්දන ජයරත්න,මහාචාර්ය එස්. ඩී. රො‍්සා මෙන්ම වෙනත් බොහෝ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් හා වෙනත් විද්‍යාඥයින් මෙම අවස්ථා සදහා ආරාධනා ලබති.

මෙවැනි දේශකවරුන් සහභාගි කරවාගෙන නව දැනුම පාසැල් සිසුන්ට සජීවීව ලබාගැනීමට සැලැස්වීම විද්‍යා දිනවල පවතින අගය කළ යුතු අංගයකි. කොළඹ 7, මේට්ලන්ඩ් පෙදෙසේ, ජාතික විද්‍යා පදනම යටතේ සංවිධානය කරන පාසැල් විද්‍යා සමාජ වැඩසටහන යටතේ ඔබගේ පාසැල් විද්‍යා දිනයට විද්‍යාඥයින් සහභාගි කරවා ගැනීමට අනුග්‍රාහකත්වය ලබාගත හැකිවේ. මීට අමතරව ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය, ශ්‍රී ලංකා ජීව විද්‍යා ආයතනය, රසායන විද්‍යා හා‍ ‍‍‍‍භෞතික විද්‍යා ආයතන මගින් ද එම ක්ෂේත්‍රවල විද්වතුන් සම්බන්ධ කර ගත හැකි වේ.

පාසැල් විද්‍යා දිනවල ඉතා රසබර අංගයක් වන්නේ සිසුන් ඉදිරිපත් කරන විද්‍යා නාට්‍ය හා වෙනත් සංස්කෘතික අංගයන්ය. මෙම ඇතැම් නාට්‍ය ඉතා සරල තේමාවන් වන අතර, ඇතැම් ඒවා පාසැලේ සෞන්දර්ය අංශයේ ගුරුවරුන්ගේ ද සහභාගිත්වය ඇතිව ඉතා විශිෂ්ට ලෙස ඉදිරිපත් කරන කලාත්මක නිර්මාණ වේ. ජාතික විද්‍යා සභාව විසින් සංවිධානය කරන ලෝක විද්‍යා දින උත්සවයට අප දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තෝරාගත් ඇතැම් විද්‍යා නාට්‍ය විද්‍යාව ප්‍රචලිත කිරීම හා රසාස්වාදය සදහා යොදා ගත හැකි උසස් නිර්මාණ විය.

මෙවැනි උත්සව සංවිධානය කිරීම නිසා සිසුන්ගේ සාමූහිකත්වය දියුණු වීම, ඔවුන්ගේ සංවිධාන හැකියාව දියුණු වීම සිදුවේ. ගුණාත්මකභාවය වැඩි දියුණු වන ආකාරයෙන් විද්‍යා දින සංවිධානය කිරීම වැදගත් වේ. තරුණ පරපුරේ නව අදහස් සමාජයට ඉදිරිපත් කිරීම, කලා කුසලතා සහ සහජ දක්ෂතා ඉදිරිපත් කිරීමට මෙවැනි උත්සව වැදගත් වේ. ඇමරිකාවේ පාසල්වල සංවිධානය කරන පාසල් විද්‍යා සංදර්ශන ව්‍යාපෘති (Science fair projects) ද මෙම විද්‍යා දිනයකට සමගාමීව සංවිධානය කළ හැක. ජාතික විද්‍යා පදනම මගින් සංවිධානය කළ විද්‍යා හා ඉංජි‍‍නේරැ සංදර්ශනය සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිසු දරු දැරියන්ට සහභාගි විය හැකි අතර ඉන් ජයග්‍රහණය කළ සිසුන්ට ඇමරිකාවේ පැවැත්වෙන ලෝක විද්‍යා සංදර්ශන තරගයට සහභාගි වීමට අවස්ථාව ලැබේ. පසුගිය වසරවල ශ්‍රී ලංකාවෙන් මෙම තරගයට ඉදිරිපත් කළ ජංගම දුරකථන අන්වීක්ෂය, ආබාධිතයන්ට ක්‍රියා කරවිය හැකි පරිගණකය වැනි නිර්මාණ කිහිපයකටම අප පාසල් සිසුන්ට ජයග්‍රහණ ලැබිණ. මෙම තරගවලදී සිසුන්ගේ හෝ ආරාධිත පාසල්වල නව නිර්මාණ සහ විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘති ඉදිරිපත් කළ හැකි වේ. මේ මගින් අනාගත විද්‍යාඥයන්, නිර්මාණකරුවන් සමාජයට හදුන්වා දීමට හැකි වේ.

විස්තර සදහා යොමුවන්න

 

 

Comments

comments

Dream_Media

Creative writer from Colombo.

Share
Published by
Dream_Media

Recent Posts

How to Humanize AI Content: The Ultimate Prompt and Advice

Are you tired of your AI-generated assignments, emails, or reports sounding like a robot? Humanise…

4 hours ago

AI-Powered Deep Dive: Rebuilding Sri Lanka After Cyclone Ditwah & The 2025 Landslides

A cinematic wide shot of a winding mountain road in Sri Lanka's central highlands, surrounded…

4 days ago

Future-Proof Your Degree: MIT’s Free Courses for AI-Era Employability

Tired of those "boring subjects" dragging down your GPA? Here's the game-changer every university student…

6 months ago

Guide to Ocean University of Sri Lanka – Applications Now Open for 2025!

Haven't Been Selected to a Government University? Here's Your Second Chance! If you haven't been…

6 months ago

Climbing the AI Readiness Ladder: How Sri Lanka Can Prepare for the Future of Artificial Intelligence

by Prpf Hiran Amarasekera. Future-Ready AI Skills Hub | Published on StudentLanka.com AI Readiness Ladder-…

6 months ago

Guide to KDU General Sir John Kotelawala Defence University – 2025 Admissions

Are you an A/L student with three S passes seeking quality higher education opportunities in…

7 months ago