Dr Hiran Amarasekera
ආචාර්ය හිරාන් අමරසේකර වසර 25 කට අධික කාලයක් ජීව විද්‍යා ක්ෂේත්රයේ ප්‍රවීණ ගුරුවරයකු වන අතර, දිවයිනේ ප්‍රථමයන් බිහිකරමින් වෛද්‍ය පීඨ සහ සරසවි වරම් ලැබූ සිසුන් රැුසක් ඔහුගේ පංතිවලින් බිහිවිය. වර්තමානයේ ඔහු උසස් පෙළ මෙන්ම විශ්වවිද්‍යාල උපාධි සහ පශ්චාත් උපාධි සිසුන්ට ද සිප්සතර ලබා දෙයි.
2019 A/L Biology Classes by Dr Hiran Amarasekera – 2019 උසස් පෙළ ජීව විද්‍යාව
2017 ජන. 4 සිට රොටරි නුගේගොඩ පෙ.ව. 11.30 – ප.ව. 2.00
2017 ජන. 4 සිට සක්යා නුගේගොඩ ප.ව. 3.00 – ප.ව. 5.30
පංති පිළිබඳ විමසීම් 071-8935954 (චානක)
2019 උසස් පෙළ නව ජීවවිද්‍යා විෂය නිර්දේශය
උසස් පෙළ 2019 ජීවවිද්‍යා විෂය නිර්දේශය ද මෙවර මුළුමනින්ම වෙනස් වී ඇත. විෂය නිර්දේශයන්හි මෙම වෙනස්වීම සිදුවන්නේ වසර 15 කට පමණ පසුව වීම ද විශේෂත්වයකි.
පැරණි නිර්දේශයේ ඒකක 13 වෙනුවට අලූත්ම ඒකක 10 කින් යුත් නව විෂය නිර්දේශය මේ දිනවල සකස්වෙමින් පවතී.
භෞතික හා රසායන විද්‍යා විෂයයන් පරමාණු මත පදනම් වී ඇති සේ ම නූතන ජීව විද්‍යාව පදනම් වී ඇත්තේ ජාන මත හෙවත් අණුක ප්රවේණි විද්‍යාව මතය. පරිණාමය, රෝග සෑදීම, ජාතිය, මෙන්ම ඔබේ චර්යාවන් ද තීරණය වන්නේ ජාන මතය. මෙවර විෂය නිර්දේශය මෙම අණුක ප්රවේණි විද්‍යාව හා පරිණාමික සංකල්ප මත ගොඩනැගී ඇත. එමෙන්ම ගුරු මාර්ගෝපදේශක සංග්‍රහයන් ද මුළුමනින්ම වෙනස් වී ඇත.
මේ අනුව ඔබත් නව පංති තෝරා ගැනීමේදී සම්ප්‍රදායික පැරණි නිර්දේශය මත පදනම් වූ විෂය කරුණු ගොඩනැගීමකින් තොරව නව විෂය ප්රවණතා පිළිබඳ මනා අවබෝධයක් සහ විෂය ප්රවීණත්වයක් ඇති, නිවැරදි විෂය කරුණු සරලව, සාරවත්ව, සජීවී ලෙස ඔබට ලබාදෙන ගුරුවරයකුගේ පංතියකට සහභාගී වීම වැදගත් වේ.
නව විෂය නිර්දේශයේ විෂය කරුණු ලද විගස දැනගැනීමට 19Biology
Leave a Reply