Overcome Procrastination – වැඩ නොකොට කල් දැමීමෙන් මිදෙන ක්‍රමය

Apr 26, 2010 3 Comments by

Study Tip for students

What is Procrastination?  You procrastinate when you put off things that you should be focusing on right now, usually in favor of doing something that is more enjoyable or that you’re more comfortable doing.

ඉගෙනීමට හා ජීවිතයේ වැඩ කටයුතු පවත්වා ගැනීමට ප්‍රධාන බාධාවක් වන්නේ වැඩ නොකොට කල් දැමීමයි. මෙයින් මිදීමේ ක්‍රම 3 ක් මෙසේය.

1. දරාගත හැකි මිනිත්තු 10 ක්‍රමය – Start with a quick 10 minute task
ඔබ පාඩම් කිරීම (හෝ වෙනත් වැඩක්) දිගින් දිගටම කල් දමයි නම්, සුලූවෙන් හෝ එය ඇරඹීම නොකොට සිටීමට වඩා වැදගත් වේ. මේ නිසා විනාඩි 10 කට පාඩම් කිරීම ආරම්භ කරන්න. කෙටි වේලාවක් පමණක් පාඩම් කරමි යන තීරණය ගැනීම වඩා පහසු වන අතර මෙම කාලය අවසන දී දිගට ම වැඩ කිරීම හෝ නැවැත්වීම සිදු කළ හැක.
2. බර ඔසවන්නන්ගේ ක්‍රමය – Start an easy task
බොහෝ අය මුලදී ඕනෑවට වඩා කිරීමට යාම නිසා පාඩම් එපා වීම සිදුවේ. කාය වර්ධන ව්‍යායාම වලදී මුල් දිනයේ දී ම විශාල බරක් එසවීම නොකරයි. ඔවුන් මුලදී මුලදී අඩු බර ඔසවන අතර, පසුව ක්‍රමයෙන් තම ශක්තිය වැඩිවන විට වැඩි බර ඔසවයි.
මේ ආකාරයට මුලදී පහසු කොටස් පාඩම් කරමින් අධ්‍යයන මානසිකත්වයට පිවිසෙන්න. පසුව ක්‍රමයෙන් අපහසු වැඩ/පාඩම් වෙත ඔබේ අවධානය යොමු කළ හැකි වනු ඇත.
3. ඇබ්බැහි වලින් මිදෙන්න. Do the work and then take a reward
බොහෝ අය පාඩම් කිරීම ආරම්භ නොකරන්නේ ඊට පෙර වෙනත් ~වැදගත්~ යැයි සිතෙන ඇබ්බැහි වීමකට යොමුවී ඇති බැවිනි.
උදා :- SMS යැවීම/බැලීම
නමුත් මෙම ඇබ්බැහි වීමෙන් මිදීමට නොහැකි අය ප්‍රථමයෙන් අධිෂ්ඨාන පූර්වකව ං වේලාවක් (පැය 1ක්) පාඩම් කරන්න. ඉන්පසුව තමා ලබාගන්නා සන්තෝෂමත් (reward) ලෙස SMS ගැසීම වෙත යොමුවන්න. මේ ආකාරයට ඔබේ මූලික පරමාර්ථය පාඩම හා දෙවැනි පරමාර්ථය ලෙස (අවශ්‍ය නම්) ඇබ්බැහි වීම වෙත ඉතා අඩු කලක් යොමු වන්න. එම ඇබ්බැහිවීම් වලින් තනිකර මිදී පාඩමට යොමුවීම වඩා සුදුසුය.

Related posts:

  1. Tips for students in Sinhala සිංහලෙන් උපදෙස්
  2. Memory tips – විශය කරුණු දිගු කාලීන මතකයට යවන්න
study tips

About the author

University Senior Lecturer at University of Sri Jayewardenepra, Sri Lanka

3 Responses to “Overcome Procrastination – වැඩ නොකොට කල් දැමීමෙන් මිදෙන ක්‍රමය”

  1. Kumara says:

    උපදෙස් වලට ස්තුතියි.

  2. Nadini says:

    Excellent idea,therefore I get valuable idea

  3. Rangana says:

    Nice Job
    ගොඩක් දේ මම මෙයින් ලබා ගත්තා
    Thanks

Leave a Reply